Wednesday, August 24, 2011

A/L ඉවරයි. ඔන්න මම ආයෙත් ආව

19 වෙනිදා තමයි රසායන විද්‍යාව ඉවර වුනේ. :) හම්මෝ ටොන් ගණනක් ඔලුව උඩ තියාගෙන ඉදල බිමට දැම්ම වගේ දැනුනේ. :D විභගේ පටන් ගත‍්තේ අගෝස්තු 8 සදුදා.මුලින්ම ශුද්ධ ගණිතය(pure maths).10 වෙනිදා ව්‍යවහාරික ගණිතය(applied maths). maths නම් සමස්ථයක් ලෙස එච්චර අල වුනේ නෑ(අනේ B එකක් වත් දෙන්න දෙයියනේ) :P , ඊළගට භෙෘතික විද්‍යාව(physics). ඒක නම් ගොඩම තමයි.රචනා paper එකේ ගණන් 6 න් 4ක් කරන්න ඕනෙ.මට හරියටම කරන්න පුළුවන් ගණන් 5යි.මොකද electronics නම් යන්තම් ගැටගහගන්න පුළුවන් ඒත් රචනා ගාණක් හදන්න තරම් ලොකු වැඩක් කොරන්න බෑ. :( ඉතින් හදන්න පුළුවන් ගණන් 5 නුත් එකක් නිකම් ලෙඩක් වගේ පෙනුනා. ඉතින් ඉතිරි 4ම මම අනිවාර්යෙන්ම හදන්නම එපැයි මේ මොකද උනේ කියල දස අතේ කල්පනා කරල එක ගානකින් පටන් ගත්තා වෙන දෙයක් වෙද්දෙන් කියලා.මට හරි සතුටුයි කියන්න ගණන් 4න් 3.75 ක්ම විනාශ කලා.අර මුලින්ම පටන් ගත්ත ගානේ අන්තිම හරිය සෙට් උන් නෑ.(අනේ මේකටනම් A එකක් දෙන්න දෙයියනේ) :)
අන්තිමට ඉතින් chemistry, බහුවරණ paper එක නම් shape, රචනා paper එක..අනේ මන්දා මම ලිව්වා ලිව්වා ලිව්වා

--
මම හිතුවෙ මේ වෙනකොට මගේ blog එක සින්ඩියෙන් අයින් වෙලා ඇති කියලා.හොද වෙලාවට තාම නෑ

5 comments:

  1. hamba unoth chem ha physics old syllabus wala mcq
    utthara danna...

    ReplyDelete
  2. මොනවා කරන්නද මටත් ඕවගේ තමා http://www.dedunumax.info/?p=1402

    ReplyDelete
  3. හෙහෙ මටත් මතක් වුණා උපේ කරපු කාලේ..ලියලා ලියලා ලියලා ඇවිත් ඔහේ බලන් හිටියා මේ වගේ :P

    ReplyDelete
  4. හොද රිසල්ට් එකක් ලැබෙන්න කියලා සුභ පතනවා...

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම
    @sudaraka, ඕකේ මචන් මම දෙන්නම් හම්බුනගමන්
    @deeps, මම ඉතින් එහෙම දෙපාරක්ම බලන් හිටියානෙ' හි හි හි

    ReplyDelete