පසුගිය දින කීපයම ගෙවුනේ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ අපට පැවරුණු ව්‍යාපෘතිය සමගයි.මූලික වශයෙන්ම එය ඉලක්ක කොට තිබුණේ පරිගණකයේ ඉතිහාසයයි.සාම්ප්‍රදායික උසස් පෙළ ව්‍යාපෘතිය හා මෙය අතර වැඩි වෙනසක් නොතිබුණත් උසස් පෙළ නිසා ඒ අවුරුදු කිහිපය තුළ මම පරිගණක සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්වූ නිසාත් ඒ මගහැරුණු දේවල් ද ඉගෙන ගනිමින් යම් වෙනස් ආකාරයකට මගේ ව්‍යාපෘතිය පිළියෙළ කරන්නට මම වෙහෙසුනෙමි.
විකිපීඩියා හා ගූග්ල් දෙයියන්ට පිං සිද්ධ වන්නට මට ව්‍යාපෘතිය සදහා කරුණු ඕනෑවටත් වඩා ලැබුණි. පරිගණක ලොවේ ඉතිහාසය නම් පුදුමය දනවන මාතෘකාවකි. අතේ ඇගිලි වලින් ගණනය කර ආරම්භ කළ දෙය අද වන විට ඉතාමත් සුපිරි යන්ත්‍රයක් බවට පත්ව තිබේ. ඇබකසය , පැස්කලීනය , Charles Xavier ගේ Arithmometer යන්ත්‍රය , Joseph Jacquard ගේ පන්ච් කාඩ් තාක්ෂණය මවිතය දනවන සුළුය. මෙවැනි අදහස් පහළ වීම සැබැවින්ම විශ්මය දනවයි. Charles Babbage නම් වූ ඒ විශිෂ්ඨ මිනිසාගේ difference engine පිළිඹද වූ අදහස මේ වංශ කතාව වෙනස්ම මගකට හැරවීය. 20 සියවස තුළ Friden නම් ආයතන නිපදවූ ගණක යන්ත්‍ර, Curta යන්ත්‍රය , තවත් උදාහරණ වේ.දෙවන ලෝක යුධ සමයේදී විද්‍යූත් සංඛ්‍යාංක පරිගණක නිපදවීම ඇරඹුනි.ඇලන් ටියුරින් ගේ සම්මතයන් පරිගණකය මෙවැනි යන්ත්‍රයක් විය යුතු යැයි හැගවීය.
සමස්ත පරිගණක ලොවම වෙනස් කළ යන්ත්‍රය වූයේ අමෙරිකාව නිපදවූ ENIAC යන්ත්රයයි.ටොන් 30ක් පමණ බරැති එය පෙනිසිල්වේනියානු සරසවියේ සහය ලබා ගනිමින් වර්ධනය විය. Vaccum Tubes යොදා ගෙන සැදුණු පළමු පරමපරාවේ පරිගණකත්, ට්‍රාන්සිස්ටර් යෙදූ දෙවන පරම්පරාවේ පරිගණකත්, Jack Kilby සහ Robert Noyce විසින් නිපදවනු ලැබූ සංගෘහිත පරිපථ පරිගණක තාක්ෂණය නව මගකට යොමු කළේය.
ඉතින් වර්තමානයේ අප ඉතා පහසුවෙන් පරිගණක යන්ත්‍ර වලින් අපගේ වැඩ සිදු කළත් , පරිගණකය නිර්මාණය කිරීමට අතීතයේ සිටි ඒ ශේෂ්ඨ මිනිසුන් කළ පෙරළිය කිසි සේත්ම අමතක කළ නොහැක. එබැවින් අප ඔබට සදා ණය ගැතියි
No comments:
Post a Comment