බොහොමයක් ආරක්ෂිත කැමරා මෘදුකාංග සහය දක්වන්නෙ IP Camera වලට. නමුත් මෙහිදි මම පාවිච්චි කරපු මෘදුකාංගය IP Camera වගේම සාමාන්‍ය Web Camera පවා සහය දක්වනව ගැටලුවකින් තොරව. මේ මෘදුකාංගය iSpy v4.1.8.0 . මේක නොමිලේ ලබා දෙන විවෘත කේත මෘදුකාංග පද්ධතියක්. මේ සමගම iSpyServer මෘදුකාංගයද නොමිලේ ලැබෙනව. http://www.ispyconnect.com/ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම මෘදුකාංගය බා ගැනීමට පුළුවන්.
iSpy මගින් මොනවද කල හැක්කේ
- Motion track and count moving objects
- Automatic license plate recognition (ALPR, CPR, LPR or LAPI)
- HSL (Colour filtering) on Motion Detection - for fire/smoke/thermal imaging and tree/ shadow removal
- Access and control iSpy remotely
- Password protect iSpy and hide it in the System Tray
- Schedule sound and video capturing to start and stop automatically
- Connect multiple computers in a group and manage over the web
- Connect and monitor as many security cameras and microphones as you like
- Access and control your cameras and microphones using your mobile device (iPhone, Android and Windows Phone 7)
හරි අපි බලමු අපිට අවශ්‍ය මොනවද කියල
සාමානය (නමක් ගමක් ජන්මයක් නැති) වෙබ් කැමරාවක් - රු 1200/- ගත්තෙ Unity Plaza එකේ Barclays එකෙන්
අනිත් කැමරාව(දකුණු) මම ලග තිබුන එකක්
USB Extension Cable 5M - රු 500. මේකත් Barclays වලින්
සවිකරන්න බලාපොරොත්තු වෙන කැමරා ගණනට cable ගන්න වෙනව. මම දැනට පාවිච්චි කරන්නෙ එක කැමරාවක් විතරයි
වැඩකරන පරිගණකයක් :D
කැමරා තුන හතරක් දාල පැය 24ම දුවන්න පරිගණකය හදනවනම් Intel Atom සහිත පරිගණකයක් තිබුණම ඇති. විදුලිය පාවිච්චියත් හොදයි නේ
මම පාවිච්චි කරන්නෙ මගෙ NAS එකම තමා. Intel Pentium 4 1.8GHz, 1GB DDR RAM සවිකලා
කැමරාවක් මෙන්න මෙහෙම සවිකලා
ලයිට් වැල් ගැන වැඩිය හිතන්න එපා. මේ වෙසක් කාලෙ නේ . :D
කැමරාව හදපු අය ඒකත් එක්කම microphone එකකුත් සවිකරල. ඒක ඉතින් ගලවන්න විදියක් නැත (කැතයි කියල හිතෙනවනම් ගලවන්න ) . මේ කැමරවෙ තියෙන flexible cord එක නිසා කැමරාව අවශ්‍ය පැත්තට ලේසියෙන්ම හරවගන්න පුළුවන්.
දැන් කැමරාව USB cable මගින් පරිගණකයට සම්බන්ධ කරන්න. Drivers තියෙනවනම් දාන්න. කැමරාව AutoFocus නැත්තම් අවශ්‍ය ගණනට focus කරගන්න. නැත්තම් බොද වෙලා පෙනෙයි හොරාව :D
iSpyConnect මෘදුකාංගය run කරන්න
Add කියල තියෙන තැනින් අවශ්‍ය කැමරාව තෝරල පද්ධතියට එක් කරගන්න පුළුවන්
කැමරාව හරියට add උනා නම් පහල පින්තූරෙ අළුපාට කොටුවල කැමරා වල දර්ශනය පේන්න ඕනෙ
Recording settings ටික හදල ගත්තම ඉතින් කුරුල්ලෙකුට වත් හොරෙන් ගමන් බැ
niuyamai niyamai thawa tikak diunu karala gamu Aaaaaaaaaaa
ReplyDeleteblessed
thanks rasta
ReplyDeletehondai hondai..keep it up
ReplyDeletethank you dr
ReplyDeleteපට්ට වැඩක්නෙ එල එල....word verification අයින් කරන්ඩෝ
ReplyDeleteස්තූතියි රති සහෝ
ReplyDeleteniyamai :) try karanna oni welawaka
ReplyDelete