මගේ පරිගණකයේ දැන් ගොඩක් කල් ඉදන් ලොකු පශ්නයක් තියෙනවා.CMOS settings ක්ලියර් වෙනවා මැෂින් එක බූට් වෙන බොහෝ අවස්ථාවල.නමුත් හැමවෙලේම නෙවේ.බැටරිය මාරැ කලත් ගැටළුව එසේමයි.ගැටළුව මතුවෙන අවස්ථාවලදී හැමවෙලේම සීමෝස් සෙටින්ස් නැවත සකසනවා.මම ගෙදර නැති වෙලාවට තාත්තා පරිගණකය පාවිච්චි කරන නිසා සීමොස් සෙටින්ස් හදන හැටි තාත්තටත් කිවුවා.කොහොම හරි දවසක් date එක එක්කො හරියට සෙට්වෙලා නෑ හෝ මොකක් හරි හේතුවක් නිසා 2003/1/1 දිනයට දිනය සකස්වෙලා වින්ඩෝස් වලට ඇවිත් අන්තර්ජාලයට සම්බන්ධ කලාට පස්සෙ නොඩ් එක අප්ඩේට් වෙලා.පස්සෙ මම ගෙදර ආවට පස්සෙ මටත් සීමොස් හදන්න වුනා.වින්ඩෝස් වලට ඇවිත් අන්තර්ජාලයට සම්බන්ධ කලාට පස්සෙ නොඩ් එක කියපි මේක අන්තිම පාරට අප්ඩේට් කරලා තියෙන්නෙ 2003දී වෛරස් databases කල් පැනලා.මේක ඇක්ටිවේට් කරන්න කියලා.ගිනි නරියා දාගෙන ජීමේල් යනකොට ඒක කියනවා මේ වෙබ් අඩවිය සැක සහිතයි යන්න එපා කියලා.ඒක පැත්තකින් තියලා ක්රෝම් එකෙන් උත්සහ කලා.ඒ වගේම පණිවිඩයක් දුන්නා.මම හිතන්නෙ security certificates කල් ඉකුත් වෙන්න ඇති දින මාරැවෙන් සිදුචේච වින්නැහියට.වෛරස් ගැන බයකුත් ආව.මැෂින් එකත් නිකන් slow වෙනව වගේ දැනුනා.ගොඩක් කාලෙකින් වින්‍ෙඩාස් දැම්මෙත් නෑනෙ.දැම්මා ආයිත් ජනේල xp.
ඒ අතරෙ BMICH එකේ පොත් පදර්ශනෙත් ආව.යාලුවො දෙන්නෙකුත් එක්ක ගියා ආරම්භක දෙවන දවසෙ. Dummies පොත් සිංහලට හරවන කෙනාගෙ පොත් ටිකක් ගත්තා .වට්ටම නිසා වැඩිය වියදම් වුනෙත් නෑ. කැරකි කැරකි ඉන්නකොට සීඩී මැගසින් stall එකක් ළගින් ගියා.දැම්මා ඔලුව.ආව අයිය කෙනෙක්.මල්ලි අපි මෙතන විකුණනවා මේ මැගසින් එක කියලා සීඩී එකක් දුන්න.ඕක අද ඔයා ගන්නවනම් ඔයාට කැස්පර්ස්කි ඉන්ටර්නෙට් සිකියුරිටි 2010 මාස 3ක trial ලයිසන් එකක් දෙනව කියලා. මැගසින් එක රැ80.මැගසින් එකට හෙණ ගැහුවත් මොකද කැස්පර්ස්කි මාස 3ක් නීත්‍යානුකූලව පාවිච්චි කරන්න ලැබෙනවනේ කියලා මට හිතුනා.කලින් කැස්පර්ස්කි 2009 පාවිච්චි කරල ඒක මැෂින් එක ගොඩක් slow කරපු නිසා කැස්පර්ස්කි ගැන වැඩි විශ්වාසයක් තිබුනෙත් නැ. රැ80 නෙ.කමක් නෑ කියල ගත්තා. කොහොමහරි ගෙදර ඇවිත් install කරන කොට ඒක ඇතුලෙ තිබුණ මාස 3ක ලයිසන් එකක් නම් නෑ.සාමාන්‍යයෙන් ලැබෙන දවස් 30 පරීක්ෂා කිරීමේ කාලසීමාවට දැන් කැස්පර්ස්කි පාවිච්චි කරනවා.තව දවස් 17 ක් විතර තියෙනවා.හැබැයි කැස්පර්ස්කි මම හිතුවට වැඩිය ගොඩක් හොදයි.අාරක්ෂාව අතින් නම් කියන්න වචන නෑ.අලයකට තියෙන්නෙ සුලු slow එකක් එනවා setup එකක් දානකොට.මම හිතන්නෙ ඒ අදාල සෙටප් ෆයිල් එක කැස්පර්ස්කි තුලින් ස්කෑන් වෙලා එනකොට ටිකක් වෙලා යනවා.ආරක්ෂාව වැදගත් නිසා මම ඒ ගැන වැඩිය හිතන්‍ෙන නෑ
Use microsoft security essentials.
ReplyDeleteits free....
use reseter to reset your kaspesky trial
ReplyDeleteMicrosoft Security essentials is not better as a stand alone Virus Guard (Microsoft itself states this)
ReplyDeleteResetting Kaspersky is a good option :)
Or if you like you can get a key with a anti-blacklist feature from here http://kasperskyactivationkey.blogspot.com/search/label/Kaspersky
(This site does not contain any viruses or malwares) but Kaspersky has blocked it. So you'll have to unblock it to see the site :D )
Avast aka intall karanna :)
ReplyDeleteaka maXXa