Sunday, April 22, 2012

මගේ Android ආගමනය


මම මුලින්ම මගේම කියල ජංගම දුරකථනයක් අතගෑවෙ මං ඉස්කෝලෙ 10 වසරේ ඉන්නකොට. ඇත්තටම ඒක බාගයක් මගෙ අනිත් බාගෙ තාත්තගෙ. ඒ කිවුවෙ තාත්ත කොහේහරි යනකොට ඒක අරන් යනව. මම කොහේ හරි ( පන්ති ) යනකොට මම ඒක අරගෙන යනව.  කොහොම උනත් ඒක තමයි ඒ දවස්වල මම දැනන් හිටපු විදියට ලෝකෙ තිබ්බ හොදම phone එක. :D  ‍Nokia 3220



මේක 2005 දි ගත්තේ රු 14500 කට . අයියෝ සල්ලි
ගෙදර ගෙනාපු ගමන් කලේ හොද ලමය වගේ phone එකේ පොත කියවපු එක. එතකොට නේ මේකෙ වැඩ කිඩ තේරෙන්නෙ. මොකද මම ඒ දවස්වල යාලුවකුගෙ phone එකක් උනත් අල්ලන්න බයයි. මට හිතෙන්නෙම මම මොකක් හරි button එකක් ඔබපු ගමන් මොකක් හරි අවුලක් වෙයි කියල. phone එක නම් සෑහෙන්න හොදයි . ඕක තාමත් තාත්ත පාවිච්චි කරනව .කිසිම ලෙඩක් ආවෙ නැ.මේකෙ තිබ්බෙ 2MB මතක ප්‍රමාණයක්. Nokia PC Suite එකෙන් mp3 සින්දු AMR කරල දාගෙන තමයි ලොකු phone තියෙන උන් එක්ක ගැවසුනෙ


phone ගැන ටික ටික දැන ගන්නකොට මටත් අනිත් අයට වගේ අර sick එක හැදුන. ඒ කියන්නෙ හොද වැඩ කිඩ තියෙන phone එකක් ගන්න. කොහොම හරි කියල කියල වාර විභාග වල හොද ලකුණු අරගෙන (ඒ කාලෙ වැඩ්ඩා) Sony Ericsson K700i එකක් ගන්න කියල හිතාගෙන ගිහින් Sony Ericsson K600i එකක් අරගත්ත. කඩේ හිටපු එකා මටයි තාත්තටයි පෝන් එක පෙන්නුවෙ මේක ආයි නෑ  සුපිරිම එක තමා කියල. ඒක රු 19000 ක් උනා.  ඒ 2006 දි

මේකෙන් තමයි ඉතින් සෑහෙන්න අත්දැකීම් ගත්තෙ ජංගම දුරකථන ගැන. අරගෙන සෑහෙන කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ මේකෙන් video calls ගන්න පුළුවන් කියල :D මේකෙ තිබ්බෙ 30MB මතක ප්‍රමාණයක්. එක එක ජාතියෙ converter පාවිච්චි කරල mp3 සින්දු දෙක තුනක් ඇතුලට දාගන්නව. කැමරාව මෙගාපික්සල් 1.3 . කාලයක් යද්දි ඒකත් එපා උනා. ඒ උනාට මේක ඉස්සරහදි නැවත නැවත මතුවෙනව





එකපාරටම මගේ sick එක නැතිවෙලා ගියා ගම්පහ A/L කරන දවස්වල කඩයක ගහල තිබ්බ දැන්වීමක් දැකල. Vodafone 225 එක ඩයලොග් connection එකත් එක්කම රු 3250 කියල තිබුණ. නොකා නොබී ඉදල ,බස් වල ටිකට් නැතුව ගිහින් , බස් තියන් පයින් ගිහින් මම ඉතුරු කරල තිබුණ සෑහෙන්න කොල ගොඩක්. ඒ ටිකත් අරන් ගිහින් ක‍ඩේට පූජා කලා

කියන්න වටිනව මේක නම් සරල සුකුමාල phone එකක්. අඩුම ගානෙ vibration වත් නැ. කොල් ගන්නයි sms කරන්නයි තමයි පුළුවන්. ඊට වැඩිය දෙයක් බැ. සාක්කුවෙ දාගෙන යන්නෙ හරි බයෙන්. වෙන මොකක් වත් නෙවේ මේක හරි හීනියි. නැවෙයි කියල බයයි. ඒත් හරිම ලස්සන phone එක. K600i එක බල්ලට දාල මේක පාවිච්චි කලා සෑහෙන කාලයක්. පස්සෙ මේකටත් අර කලින් ආනිසන්සෙම ඇතිවෙලා රුපියල් 3000කට විකුණල දැම්ම. පාඩු නෑනේ :D
ආයිත් K600i එක‍ පාචිච්චි කරන්න පටන් ගත්ත





ටික කලක් යද්දි ආයිත් ආසවක් ආව වැඩ කිඩ මුකුත් නැති phone එකක් ගන්න. නිකන් කැරකි කැරකි ඉන්නකොට දැක්ක Nokia 1110i එකක්. මම දැක්ක class වල උන් ඕක තියාගෙන sms කොටනව දවස පුරාම. දවස පුරාම sms කොටන්න අවශ්‍යතාවක් ‍නොතිබ්බට කමක් නැ කියල මම තව පාරක් කොල ගොඩක් කඩේකට පූජ කලා. රු 4400/- .මේ සැරේ k600i එක බල්ලටම දැම්ම. මේක පාචිච්චි කලා. මේකෙ තිබ්බ කැරම් game එකක් ඒවගේම නයි අරින ගේම් එකක්. සැහෙන ජනප්‍රිය ගේම් දෙකක්. ඒ වගේම අපේ පන්තියෙ කොල්ලො සල්ලි ඔට්ටුවටත් මේ phone තියාගෙන කැරම් ගහන්න පටන් ගත්ත. බැටරිත් ගොඩක් හොදයි. කලින් k600i තියෙද්දි facebook/twitter එහෙම ලේසියෙන් ගියාට මේක පාචිච්චි කරන්න ගත්තම facebook යාගන්න බැරිව ගියා. twitter එකත් sms යවල තමයි දාන update එකක් දැම්මෙ. මොකද ඒ දවස්වල ගෙදර internet අයින් කරල තිබුනෙ A/L නිසා. :D  කලින් වගේම මේකත් එපා වෙලා ගියා . මේක අම්මට දුන්න. ආයිත් බල්ලට කතා කරල k600i එක ගත්ත :D


ඔහොම ඉන්නකොට මගෙ පරණ පිනක් ඔළුවටම කඩාගෙන වැටිල මගෙ එක කුස නූපන් සහෝදරයෙක් මට ඔහුගෙ phone එකක් දුන්න. නිකන් හම්බෙන අස්පයගෙ දත් ගණින්නෙ මොකටද. ඒක Sony Ericsson W810i එකක්.


මේක තමා ඉතින් වර්තමාන phone එක වෙනකම් මම පාවිච්චි කරපු හොදම phone එක. කොල් ගන්න sms කරන්න සින්දු අහන්න පොටෝ ගන්න විඩියෝ කරන්න කියාපු phone එක. කැමරාවත් autofocus 2MP එකක් . පින්තූරත් සෑහෙන්න හොදයි. opera mini එක දාගෙන facebook/twitter වල සැරිසැරුවා මරුවට. එක එක ඇප් කෑලි අහුල ගෙන දාගත්ත. මේකෙන් තමයි මම මුලින්ම phone එකක් flash කරල os එක ආයිත් දැම්මෙ. මොකද මේක එන්ගලන්තෙ පාවිච්චි කරපු දුරකථන සමාගෙමෙන් දාපු os එකක් තිබුනෙ.
සෑහෙන කාලයක් තිස්සෙ Sony Ericsson පාවිච්චි කල නිසා මට මේ phone එක එපා උනා. අන්තිමට මේකෙ පොඩි ලෙඩක් ආව. දෙපාරක් හිතුවෙ නැ. වික්කා. ආයිත් k600i එක පාචිච්චි කරන්න ගත්ත.


A/L කරල මම නිකන් ඉන්නෙ මොකටද කියල පරිගණක පාඨමාලාවක් දෙකක් කරන ගමන් ජොබ් එකක් කරන්න කියල කල්පනා කලා. මම කලින් ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ NVQ L3 කරල සමත් උනාට එකෙන් දෙන පුහුණු අවස්ථාව ගත්තෙ නෑනෙ. ඒ පාර මගෙ මිතුරියක් කතා කරල කිවුව එයා වැඩකරන තැන ඇබෑර්තුවක් තියෙනව කියල .ඒ පාර සුදුසුකම් බලල ඒ ආයතයයෙන් මාව ගත්ත මාස 6ක පුහුණු කාලසීමාවකට ජාතික වෘත්තීය පුහුණු ආයතනය හරහා. ඒ ආයතනය තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය(PGIM). ඒකෙ Medical Education Resources Center (MERC) කියන කොටසෙ ICT Trainee කෙනෙක් විදියට වැඩ කරන්න තිබුණත් එයාල මාව අරන් තිබුණෙ ඉන් එහා ගිය දෙයකට. ඒක තමා Postgraduate Training Monitoring Unit එකේ Database එක හදල කලමනාකරණය කරන්න. SELECT, FROM, UPDATE, DELETE වගේ වැඩ තමයි. හිහි ඉතින් මෙව්ව කියන්න නෙවේ යන්නෙ . කොහොම හරි මම ඊළග phone එක ගත්තෙ මේ ලැබුණ දෙවන වැටුපෙන්.
මේක නම් ජාතියක් ජන්මයක් නැති චයිනීස් phone එකක්. DO SMART එකක්. රුපියල් 2990/- . Dual Sim තියෙනව. බැටරි තමයි හොදම කතාව. කැමරාව ඉතින් ගෙවපු මුදලෙ හැටියට වටිනව. දවස් 10ක් බැටරිය තියාගන්න පුළුවන් කෝල් sms කරල. ඉතින් තව මොනවද. තාත්තට දුන්න k600i එක . තාමත් මේක තමයි පාවිච්චි කරන්නෙ.









මේ වෙනකොට අපේ තාත්තටත් පරණ පිනක් හිසටම කඩාගෙන වැටිල Huawei IDEOS S7 එකක් අපට ලැබුණ. ඒක ඉතින් මම ගත්ත. කවදාවත් සල්ලි දීල නම් ඇන්ඩ්රොයිඩ් එකක් ගන්නෙ නෑ කියල තමයි මම හිතන් හිටියෙත්. PGIM එකේ ලක්මාල් අයියයි, Dr.දිනිදු යි නම් දන්නව මගේ කයි කතන්දර :P . රුපියල් 30000ක් 40000 ක් phone එකක් වෙනුවෙන් වියදම් කරන එකේ වාසියක් මට පේන්නෙ නැ. එ කොහොම වෙතත් මේක ඉතින් නිතන් ආපු චාන්ස් එක නෙ. k600i එකත් මොකද්ද වෙලා ප්‍රාණය නිරුද්ධ වෙලා තිබුණ. තාත්ත Nokia 3220 එක ආයිත් ගත්ත

මේකෙ දුවන්නෙ Android 2.1 වර්ෂන් එක. අවශ්‍ය නම් ඉතින් 2.2 වලට වැඩිකරගන්න පුළුවන්. හෙට අනිද්දට ඒක කරල ඇන්ඩ්රොයිඩ් මුල් ගලවන්න ඉන්නෙ (root) . කැමරාව 2MPxl. ඉදරිපස කැමරාවකුත් තියෙනව ඒක 1.3Mpxl.  මේක phone එකක් නෙවේ tablet එකක්. වාසි ගොඩකුත් තියෙනව. ඉතා අවශ්‍ය නැතත් අවශ්‍යයි කියල හැගෙන දේවල් ටිකක් නැත්තෙ නැ ඉතින්. 3G, HSDPA, GPS , E-Mail, වගේ ඒවනම් වටිනව. මේකෙ තියෙන්නෙ අවුල් දෙකයි. එකක් තමයි බැටරිය සෑහෙන්න අවුල්. හරියට පාචිච්චි කරනවනම් දවසයි බැටරිය තියෙන්නෙ. අනික තමයි ලේසියෙන් කොහේවත් අරන් යන්න බැ. මල්ලක්ම අරන් යන්න ඕන. මේකට ලෙදර් casing එකක් හොයන්න මුළු පිටකොටුවෙ හැම phone කඩයකටම ගියා. එකකවත් නැ. අහම්බෙන් දැක්ක Unity Plaza එකේ කඩේක තිබුණ ඒක රු 3000ක් කිවුව. හම්මෝ.  අන්න ebay එකේ තියෙනව $15 කට. web card එක හරි ගිය ගමන් එයින් එකක් ගෙන්නන්න ඕන

2 comments:

  1. LOL very funny. At last seems lik u r also into Android. Nw itz time to say wt u think of apple..isn't it?

    ReplyDelete
  2. whoa Apple...if someone can put android into an apple, then it would be so useful :D

    ReplyDelete