මේකට දාන මෙහෙයුම් පද්ධතිය FreeNas, මේක නොමිලේ දෙන open source os එකක් http://www.freenas.org මම දාන version එක FreeNas 7.0. දැන් අලුත්ම එකනම් 8.0. ඒත් තාමත් සියලුම වැඩ 7.0 එකෙන් කරගන්න පුළුවන්
මේ blog post එකේ title එකේ #2 Attempt කියල දාල තියෙන්නෙ ඇත්තටම මේක මම දෙවන පාරට හදල තමයි සාර්ථක උනේ. පලවෙනි පාර මම NAS එක හැදුව. ඒක හරියටම වැඩකලා. ඒත් මට පස්සෙයි මතක් උනේ මම ඒ පාවිච්චි කරපු motherboard එකේ ලෙඩක් තිබුන කියල. ලෙඩේ මොකද්ද කියනවනම් ඒකෙ cmos clear වෙනව විදුලිය විසන්ධි කරපු සැණින් . බැටරිය මාරු කලත් විසදුමක් නැ. බලාපොරොත්තු උනා වගේම ඊළග පාර start කරනකොට cmos මැකිල ගිහිල්ල අල ගෝනියක් පාත්උනා. ඒ වැඩේ අතෑරල දැම්ම.
මේ post එක ලියන වෙලාවෙත් මම හදපු NAS එක configure කර කර ඉන්නෙ. ඒක එතරම් ලේසි වැඩක් නෙවේ. කලින් කලාට දැන් මට ආයෙ මතක නැ. ඒක නිසා NAS එක configure කරන හැටි ඊළග පෝස්ට් එකක video සමගම දෙන්නම්
මේකට මම පාවිච්චි කරේ මෙන්න මේව. මේ සේරම අළුත් ඒව නෙවේ( :D ඒ කිවුවෙ ඔක්කොම used කෑලි )
- 1.8GHz Intel Pentium 4 Processor - රුපියල් 950/- (ගන්න හිටියෙ Celeron එකක්. ඒත් තිබ්බ හදිස්සියට මේකක් ගත්ත)
- Cooling Fan එකක් - රුපියල් 550/-
- BioStar P4TSP-D2 Motherboard එක - රුපියල් 2650/- (SATA)
- 256MB DDR1 RAM - රුපියල් 350/-
- Power Supply Unit එකක් (250W) - රුපියල් 550 /-
- දැනට සවි කරල තියෙන්නෙ 160GB(IDE) සහ 40GB(IDE) hard disk දෙකක්. ටික දවසක් මෙහෙම දුවල දැනට storage වලට පාවිච්චි කරන 250GB(SATA) hard disk එකත් මේකට සවිකරනවා.
- Casing එක නම් මං ගාව තිබුණ Pentium III Dell එකක්
මෙන්න මෙහෙමයි පටන් ගත්තෙ
රතුපාට motherboard එක තමයි දැන් දාන්න යන්නෙ. ඔය තියෙන PIII Casing එකයි පාචිච්චි කරන්නෙ. මම මුලින්ම හිටියෙ ඔය තියෙන PIII එකම NAS එක විදියට හදන්න. වාසනාවකට මගෙ අතින් ඒකෙ power supply එක හානි උනා. පස්සෙ බලනකොට board එකත් සුන්. ඊට පස්සෙ තමයි Pentium වලට යන්න හිතුනෙ
මේ තියෙන්නෙ ඒ අවස්ථාව
motherboard එක ගලවල PIII කේසින් එක clear කර ගත්ත
motherboards දෙකම ප්‍රමාණයෙන් සමාන වගේ පෙනුනට පොඩි වෙනස් කම් ටිකක් තිබුබ. කොහොමත් back panel එක එහෙම්පිටින්ම වෙනස්. back panel එක ගලවගන්න සැහෙන මහන්සි වෙන්න උනා.කොහොමත් මෙව්ව ඉතින් ඇගේ පතේ හයියෙන් කරන්න පුළුවන් දේවල් නෙවේනෙ
PIII motherboard එක casing එකට සවි කරන්න අමුතු ජිල්මාට් එකක් දාල තිබුන
motherboard එක ලැස්තියි
Mounting Holes වලට සෙට් උනත් back panel එකේ කොටසක් ඇතුලෙන් වදින්න ගත්ත. ඒක නිසා වැඩි කෑල්ලක් කපල දාන්න උනා back panel එකෙන්
මෙන්න මෙහෙම board එක සවිකරා
Power Supply Unit එක සවිකලා ඒක නම් ගානට ඇතිඋනා
OS එක දාන්න CD ROM ධාවකයක් තිබ්බම ඇති. install කලාට පස්සෙ මේක ඕනත් නැ
Hard Disk දෙක උඩින් mount කලා. ඒ හරියෙන් HDD සවි කරන්න විශේෂ කෑල්ලකුත් Dell ලා දීල තිබුණ :D
හදාගත්ත NAS එකට FreeNas operating system එක දාල ඒක වැඩකරන තත්වෙට පත්කරගන්න හැටි සවිස්තරාත්මකව ඊළග පෝස්ට් එකක දාන්නම් . අදට ඇති :D
නෝර්මල් හාඩ් ඩිසක් එකක් ෆාස්වර්ඩ් දාලා හරි, එන්කිරිප්ටඩ් කරල හරි ෆයිල් සේවි කරන්න ගන්නේ නැතුව මෙහෙම දෙයක් කරන එකේ වාසි මොනාද ?
ReplyDeleteඑල එල ..........
ReplyDelete@Buddhika - FreeNAS වල කිසිම ගැටළුවකින් තොරව Encryption කරන්න පුළුවන් .අවශ්‍ය නම් user restrictions උනත් දාන්න පුළුවන්. තනි machine එකක් තියෙනවනම් මේක හදන එක තේරුමක් නැ. ගෙදර හරි office එකේ හරි මැෂීන් ගොඩක් තියෙනවනම් අන්න වටිනව.
ReplyDeleteමේකෙ වාසි තමයි දත්ත බිද වැටීමකින් තොරව ආරක්ෂා කරගන්න පුළුවන් RAID නිසා. windows, linux, mac එක්ක පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන්
වියදම අඩුය . නඩත්තුව Zero
මේකෙ inbuilt services ගොඩක් තියෙනව. PHP/Apache සමග web server එකක් විදියට පාච්ච්චි කරන්න පුළුවන්
Network එක wifi විදියට එලියට දාගන්න පුළුවන් නම් ඉතින් අහල පහල ඉදල උවත් access වෙන්න පුළුවන්