Sunday, April 3, 2011

ක්‍රිකට් වසන්තය එසේ නිමා විය ...!

මුලින්ම අපේ ක්‍රිකට් විරුවන්ට මගේ සුභපැතුම්. අනුශුරතාවය හරි ලබාගන්න ඔවුන් සිදුකළ මෙහෙයුම අපි අගය කරන්න ඕනෙ.

කෝටි 100 ක් විතර ජනගහනය ඉන්න ඉන්දියාවෙන් හොදටම බෝලවලට ගහන්න පුළුවන් දහ පහලොස් දෙනෙක් හොයා ගන්න එක එච්චර අමාරු නෑ

අපේ රටේ ඉන්නෙ කෝටි 2ක් වගේ ජනගහනයක්. ඉතින් එච්චර වෙනස් කමක් තියාගෙන ලෝක ක්‍රිකට් අනුශූරයන් වෙන්න ලැබුන එක ධෛර්යයේ හා වාසනාවේ එකතුවක්

මටත් හෙන දුකයි. මම එච්චර ක්‍රිකට් මැච් බලන්න ආස නැ. කලින් අවුරුදු වල ක්‍රිකට් මැච් බැලුවෙම නෑ.ඒත් මේපාර මම මැච් ඔක්කොම බැලුව.මටත් මාර කික් එකක් තිබුනෙ මම හිතුව අපේ සෙට් එක මේ පාර කප් එක උස්සයි කියලා. දැන් ඉතින් තියෙන්නෙ ෆයිනල් ගහන්න කලින් වගේම තිබ්බ කික් එක අපේ ටීම් එකට ආයිත් දෙන එක .මොකෝ 2015 දි අපි ගිහින් ගහන්නද.



නමුත් එක දෙයක් ගැන පැහැදිලිවම කියන්න පුළුවන්. ඒක තමයි . කලබලයක් නැතුව සෙල්ලම කරන එක ඉන්දියාව හරියටම කලා සහ මැච් එක රදා පවතින්නෙ පිතිකරුවා පහර දෙන ස්වභාවය අනූව කියන එක. කොච්චර අමාරු බෝල දැම්මත් ඒවට මහේන්ද්‍රසිං දෝනි හා ගවුතම් ගම්භීර් පිළීතුරු දීපු විදියෙන් අපිත් පාඩමක් ඉගෙන ගත යුතුය

----------------------------
ඕකේ එහෙනන් ෆෑන් ටෝක්ස් ඉවරයි  :D

1 comment:

  1. අපි පැරදුනා,
    එක එකාට වැරුද්ද පටවන්න තරං නින්දිත නොවී ,
    දින්න නං පිලිගන්න දික්කරන අත් වලින්,
    අපේ උන්ව අපි පිලිගන්න ඕන,
    සෙල්ලං කරේ අපි වෙනුවෙන් නං,
    පැරදුනා නං ඒකත් අපි වෙනුවෙන්,
    බලමු,
    මොකද ඉර පායන්නෙ අද විතරක් නෙමෙයි නිසා...


    http://lyfstyleblog.blogspot.com

    ReplyDelete