Wednesday, February 17, 2010

ආයි නම් එන් නෑ එන් නෑ නෑමයි

එන් නෑ එන් නෑ කිවුවට කවුරැත් බය වෙන්න එපා. මම ඈත්තටම අන්තර්ජාලයයෙන් ​ටික දවසකට ඉවත් වෙන්න යන්නෙ .මූලිකම හේතුව නම් මේ පාරත් උසස් පෙළ ඈනගන්න තියෙන අකමැත්ත .ගිය අවුරැද්දෙත් මේ ටික උනාට මේ අවුරැද්දෙ වෙන්න දෙන්න බැ නෙ .internet එක තිබුනොත් එන්නමයි හිත .තාත්තාටත් මම කිව්වා internet connection එක අයින් කරන්න කියලා .mobile phone එකත් මම විකුණලා දාන්න තීරණය ක​ලා. Lanka Phones සයිට් එකේ ඈඩ් එකකුත් දැම්මා ඹ්න කෙනෙක් ඉන්නවනම් කතා කරන්න කියලා.mobile phone නම් කිසි තේරැමක් නැ මේ දවස්වල .ඕවට කාගෙන්වත් calls එන්නෙත් නැ .sms එන්නෙත් නෑ .මොකෝ මල් කඩන්න කියල ගෑණු ලමයෙක් වත් ඉන්න එකක්යැ .යාලුවො සෙට් එක මේ පාර හොද ගේමක් දෙන්න යන්නෙ .missed call එකක් ගැහුවත් reply missed call එකක් නැති එකෙන්ම ඒක හොදට තේරනෙවා . මොකද කියන්නේ අපේ පන්තියෙ හෙන තොගයක් maths පේල් මමත් ඈතුලුව,(බොරැ කියන්න ඕන් නෑ නෙ).පොත් වණපොත් කරපු අය පවා අසමත්.ඉතින් කොහොම හරි මොරටුව ටම යා ගන්නයි මගෙ උත්සාහය .කිව්වට ලේසි නෑ කියලා මාත් දන්න​වා .කරලම බලමුකො . නිල වශයෙන් නම් මම ආයිත් එන්නෙ සැප්තැම්බර් මාසෙ . හිතට දුක ටෙක්කතා series එක මිස් වෙන එක . බලමු ඒකට මොනවහරි කරගන්න පුලුවන් වෙයි

2 comments:

  1. ela mallii....

    elatama goda daaapan,

    vibage karalaa waren, api balaana innawa etakan onna....

    ReplyDelete
  2. ස්තූතියි අයියා

    ReplyDelete