Sunday, April 22, 2012

මගේ Android ආගමනය


මම මුලින්ම මගේම කියල ජංගම දුරකථනයක් අතගෑවෙ මං ඉස්කෝලෙ 10 වසරේ ඉන්නකොට. ඇත්තටම ඒක බාගයක් මගෙ අනිත් බාගෙ තාත්තගෙ. ඒ කිවුවෙ තාත්ත කොහේහරි යනකොට ඒක අරන් යනව. මම කොහේ හරි ( පන්ති ) යනකොට මම ඒක අරගෙන යනව.  කොහොම උනත් ඒක තමයි ඒ දවස්වල මම දැනන් හිටපු විදියට ලෝකෙ තිබ්බ හොදම phone එක. :D  ‍Nokia 3220



මේක 2005 දි ගත්තේ රු 14500 කට . අයියෝ සල්ලි
ගෙදර ගෙනාපු ගමන් කලේ හොද ලමය වගේ phone එකේ පොත කියවපු එක. එතකොට නේ මේකෙ වැඩ කිඩ තේරෙන්නෙ. මොකද මම ඒ දවස්වල යාලුවකුගෙ phone එකක් උනත් අල්ලන්න බයයි. මට හිතෙන්නෙම මම මොකක් හරි button එකක් ඔබපු ගමන් මොකක් හරි අවුලක් වෙයි කියල. phone එක නම් සෑහෙන්න හොදයි . ඕක තාමත් තාත්ත පාවිච්චි කරනව .කිසිම ලෙඩක් ආවෙ නැ.මේකෙ තිබ්බෙ 2MB මතක ප්‍රමාණයක්. Nokia PC Suite එකෙන් mp3 සින්දු AMR කරල දාගෙන තමයි ලොකු phone තියෙන උන් එක්ක ගැවසුනෙ


phone ගැන ටික ටික දැන ගන්නකොට මටත් අනිත් අයට වගේ අර sick එක හැදුන. ඒ කියන්නෙ හොද වැඩ කිඩ තියෙන phone එකක් ගන්න. කොහොම හරි කියල කියල වාර විභාග වල හොද ලකුණු අරගෙන (ඒ කාලෙ වැඩ්ඩා) Sony Ericsson K700i එකක් ගන්න කියල හිතාගෙන ගිහින් Sony Ericsson K600i එකක් අරගත්ත. කඩේ හිටපු එකා මටයි තාත්තටයි පෝන් එක පෙන්නුවෙ මේක ආයි නෑ  සුපිරිම එක තමා කියල. ඒක රු 19000 ක් උනා.  ඒ 2006 දි

මේකෙන් තමයි ඉතින් සෑහෙන්න අත්දැකීම් ගත්තෙ ජංගම දුරකථන ගැන. අරගෙන සෑහෙන කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ මේකෙන් video calls ගන්න පුළුවන් කියල :D මේකෙ තිබ්බෙ 30MB මතක ප්‍රමාණයක්. එක එක ජාතියෙ converter පාවිච්චි කරල mp3 සින්දු දෙක තුනක් ඇතුලට දාගන්නව. කැමරාව මෙගාපික්සල් 1.3 . කාලයක් යද්දි ඒකත් එපා උනා. ඒ උනාට මේක ඉස්සරහදි නැවත නැවත මතුවෙනව





එකපාරටම මගේ sick එක නැතිවෙලා ගියා ගම්පහ A/L කරන දවස්වල කඩයක ගහල තිබ්බ දැන්වීමක් දැකල. Vodafone 225 එක ඩයලොග් connection එකත් එක්කම රු 3250 කියල තිබුණ. නොකා නොබී ඉදල ,බස් වල ටිකට් නැතුව ගිහින් , බස් තියන් පයින් ගිහින් මම ඉතුරු කරල තිබුණ සෑහෙන්න කොල ගොඩක්. ඒ ටිකත් අරන් ගිහින් ක‍ඩේට පූජා කලා

කියන්න වටිනව මේක නම් සරල සුකුමාල phone එකක්. අඩුම ගානෙ vibration වත් නැ. කොල් ගන්නයි sms කරන්නයි තමයි පුළුවන්. ඊට වැඩිය දෙයක් බැ. සාක්කුවෙ දාගෙන යන්නෙ හරි බයෙන්. වෙන මොකක් වත් නෙවේ මේක හරි හීනියි. නැවෙයි කියල බයයි. ඒත් හරිම ලස්සන phone එක. K600i එක බල්ලට දාල මේක පාවිච්චි කලා සෑහෙන කාලයක්. පස්සෙ මේකටත් අර කලින් ආනිසන්සෙම ඇතිවෙලා රුපියල් 3000කට විකුණල දැම්ම. පාඩු නෑනේ :D
ආයිත් K600i එක‍ පාචිච්චි කරන්න පටන් ගත්ත





ටික කලක් යද්දි ආයිත් ආසවක් ආව වැඩ කිඩ මුකුත් නැති phone එකක් ගන්න. නිකන් කැරකි කැරකි ඉන්නකොට දැක්ක Nokia 1110i එකක්. මම දැක්ක class වල උන් ඕක තියාගෙන sms කොටනව දවස පුරාම. දවස පුරාම sms කොටන්න අවශ්‍යතාවක් ‍නොතිබ්බට කමක් නැ කියල මම තව පාරක් කොල ගොඩක් කඩේකට පූජ කලා. රු 4400/- .මේ සැරේ k600i එක බල්ලටම දැම්ම. මේක පාචිච්චි කලා. මේකෙ තිබ්බ කැරම් game එකක් ඒවගේම නයි අරින ගේම් එකක්. සැහෙන ජනප්‍රිය ගේම් දෙකක්. ඒ වගේම අපේ පන්තියෙ කොල්ලො සල්ලි ඔට්ටුවටත් මේ phone තියාගෙන කැරම් ගහන්න පටන් ගත්ත. බැටරිත් ගොඩක් හොදයි. කලින් k600i තියෙද්දි facebook/twitter එහෙම ලේසියෙන් ගියාට මේක පාචිච්චි කරන්න ගත්තම facebook යාගන්න බැරිව ගියා. twitter එකත් sms යවල තමයි දාන update එකක් දැම්මෙ. මොකද ඒ දවස්වල ගෙදර internet අයින් කරල තිබුනෙ A/L නිසා. :D  කලින් වගේම මේකත් එපා වෙලා ගියා . මේක අම්මට දුන්න. ආයිත් බල්ලට කතා කරල k600i එක ගත්ත :D


ඔහොම ඉන්නකොට මගෙ පරණ පිනක් ඔළුවටම කඩාගෙන වැටිල මගෙ එක කුස නූපන් සහෝදරයෙක් මට ඔහුගෙ phone එකක් දුන්න. නිකන් හම්බෙන අස්පයගෙ දත් ගණින්නෙ මොකටද. ඒක Sony Ericsson W810i එකක්.


මේක තමා ඉතින් වර්තමාන phone එක වෙනකම් මම පාවිච්චි කරපු හොදම phone එක. කොල් ගන්න sms කරන්න සින්දු අහන්න පොටෝ ගන්න විඩියෝ කරන්න කියාපු phone එක. කැමරාවත් autofocus 2MP එකක් . පින්තූරත් සෑහෙන්න හොදයි. opera mini එක දාගෙන facebook/twitter වල සැරිසැරුවා මරුවට. එක එක ඇප් කෑලි අහුල ගෙන දාගත්ත. මේකෙන් තමයි මම මුලින්ම phone එකක් flash කරල os එක ආයිත් දැම්මෙ. මොකද මේක එන්ගලන්තෙ පාවිච්චි කරපු දුරකථන සමාගෙමෙන් දාපු os එකක් තිබුනෙ.
සෑහෙන කාලයක් තිස්සෙ Sony Ericsson පාවිච්චි කල නිසා මට මේ phone එක එපා උනා. අන්තිමට මේකෙ පොඩි ලෙඩක් ආව. දෙපාරක් හිතුවෙ නැ. වික්කා. ආයිත් k600i එක පාචිච්චි කරන්න ගත්ත.


A/L කරල මම නිකන් ඉන්නෙ මොකටද කියල පරිගණක පාඨමාලාවක් දෙකක් කරන ගමන් ජොබ් එකක් කරන්න කියල කල්පනා කලා. මම කලින් ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ NVQ L3 කරල සමත් උනාට එකෙන් දෙන පුහුණු අවස්ථාව ගත්තෙ නෑනෙ. ඒ පාර මගෙ මිතුරියක් කතා කරල කිවුව එයා වැඩකරන තැන ඇබෑර්තුවක් තියෙනව කියල .ඒ පාර සුදුසුකම් බලල ඒ ආයතයයෙන් මාව ගත්ත මාස 6ක පුහුණු කාලසීමාවකට ජාතික වෘත්තීය පුහුණු ආයතනය හරහා. ඒ ආයතනය තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය(PGIM). ඒකෙ Medical Education Resources Center (MERC) කියන කොටසෙ ICT Trainee කෙනෙක් විදියට වැඩ කරන්න තිබුණත් එයාල මාව අරන් තිබුණෙ ඉන් එහා ගිය දෙයකට. ඒක තමා Postgraduate Training Monitoring Unit එකේ Database එක හදල කලමනාකරණය කරන්න. SELECT, FROM, UPDATE, DELETE වගේ වැඩ තමයි. හිහි ඉතින් මෙව්ව කියන්න නෙවේ යන්නෙ . කොහොම හරි මම ඊළග phone එක ගත්තෙ මේ ලැබුණ දෙවන වැටුපෙන්.
මේක නම් ජාතියක් ජන්මයක් නැති චයිනීස් phone එකක්. DO SMART එකක්. රුපියල් 2990/- . Dual Sim තියෙනව. බැටරි තමයි හොදම කතාව. කැමරාව ඉතින් ගෙවපු මුදලෙ හැටියට වටිනව. දවස් 10ක් බැටරිය තියාගන්න පුළුවන් කෝල් sms කරල. ඉතින් තව මොනවද. තාත්තට දුන්න k600i එක . තාමත් මේක තමයි පාවිච්චි කරන්නෙ.









මේ වෙනකොට අපේ තාත්තටත් පරණ පිනක් හිසටම කඩාගෙන වැටිල Huawei IDEOS S7 එකක් අපට ලැබුණ. ඒක ඉතින් මම ගත්ත. කවදාවත් සල්ලි දීල නම් ඇන්ඩ්රොයිඩ් එකක් ගන්නෙ නෑ කියල තමයි මම හිතන් හිටියෙත්. PGIM එකේ ලක්මාල් අයියයි, Dr.දිනිදු යි නම් දන්නව මගේ කයි කතන්දර :P . රුපියල් 30000ක් 40000 ක් phone එකක් වෙනුවෙන් වියදම් කරන එකේ වාසියක් මට පේන්නෙ නැ. එ කොහොම වෙතත් මේක ඉතින් නිතන් ආපු චාන්ස් එක නෙ. k600i එකත් මොකද්ද වෙලා ප්‍රාණය නිරුද්ධ වෙලා තිබුණ. තාත්ත Nokia 3220 එක ආයිත් ගත්ත

මේකෙ දුවන්නෙ Android 2.1 වර්ෂන් එක. අවශ්‍ය නම් ඉතින් 2.2 වලට වැඩිකරගන්න පුළුවන්. හෙට අනිද්දට ඒක කරල ඇන්ඩ්රොයිඩ් මුල් ගලවන්න ඉන්නෙ (root) . කැමරාව 2MPxl. ඉදරිපස කැමරාවකුත් තියෙනව ඒක 1.3Mpxl.  මේක phone එකක් නෙවේ tablet එකක්. වාසි ගොඩකුත් තියෙනව. ඉතා අවශ්‍ය නැතත් අවශ්‍යයි කියල හැගෙන දේවල් ටිකක් නැත්තෙ නැ ඉතින්. 3G, HSDPA, GPS , E-Mail, වගේ ඒවනම් වටිනව. මේකෙ තියෙන්නෙ අවුල් දෙකයි. එකක් තමයි බැටරිය සෑහෙන්න අවුල්. හරියට පාචිච්චි කරනවනම් දවසයි බැටරිය තියෙන්නෙ. අනික තමයි ලේසියෙන් කොහේවත් අරන් යන්න බැ. මල්ලක්ම අරන් යන්න ඕන. මේකට ලෙදර් casing එකක් හොයන්න මුළු පිටකොටුවෙ හැම phone කඩයකටම ගියා. එකකවත් නැ. අහම්බෙන් දැක්ක Unity Plaza එකේ කඩේක තිබුණ ඒක රු 3000ක් කිවුව. හම්මෝ.  අන්න ebay එකේ තියෙනව $15 කට. web card එක හරි ගිය ගමන් එයින් එකක් ගෙන්නන්න ඕන

Friday, April 20, 2012

Network Attached Storage #2 Attempt (DIY) - part 1

ගොඩක් කාලෙකින් blog එකට කොටන්න උනේ නැහැ එක එක වැඩ වලට හිරවෙලා හිටපු නිසා.  කොහොම වෙතත් ගොඩක් කාලයක් තිස්සෙ කරන්න හද හද හිටපු එකක් කරගන්න ලැබුනා මේ නිවාඩු දවස් ටිකේ. මොකද දැන් laptop හා android වලටත් බැස්ස එකේ මේ ජාතියෙ එකක් හදාගත්තනම් සැහෙන්න වටිනව. මේ වැඩේ සම්පූර්ණ ගෙඋරවය ලැබෙන්න ඕන කාලිංග අයියට . ඔහු නැත්තම් අපි NAS එකක් ගැන දැනගන්න එකක් වත් නැ .සාමාන්‍යයෙන් කියන්නෙ මේකට NAS කියල.  සාමාන්‍ය පරිගණකයක්ම තමයි .හරියටම හදල ගත්තම keyboard, mouse , monitor අනවශ්‍යයි.  මූලිකවම මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ ජාලයේ files ආරක්ෂීතව ගබඩා කරල තියන එක සහ ඒව ලබාගන්න එක.  windows, mac ,linux එකක් වුවත් කිසි කරදරයක් නැතුව share කරගන්න පුළුවන් .ආරක්ෂෘව ගැන කියනවනම් RAID පහසුකම් උනත් ලබාගන්න පුළුවන් (එය තීරණය වෙන්නෙ මේකෙ දුවන මෙහෙයුම් පද්ධතිය මත ) . මේ ගැන වැඩි විස්තරයක් http://en.wikipedia.org/wiki/Network-attached_storage න් ගන්න පුළුවන්

මේකට දාන මෙහෙයුම් පද්ධතිය FreeNas, මේක නොමිලේ දෙන open source os එකක් http://www.freenas.org මම දාන version එක FreeNas 7.0.  දැන් අලුත්ම එකනම් 8.0.  ඒත් තාමත් සියලුම වැඩ 7.0 එකෙන් කරගන්න පුළුවන්

මේ blog post එකේ title එකේ #2 Attempt කියල දාල තියෙන්නෙ ඇත්තටම මේක මම දෙවන පාරට හදල තමයි සාර්ථක උනේ. පලවෙනි පාර මම NAS එක හැදුව. ඒක හරියටම වැඩකලා. ඒත් මට පස්සෙයි මතක් උනේ මම ඒ පාවිච්චි කරපු motherboard එකේ ලෙඩක් තිබුන කියල. ලෙඩේ මොකද්ද කියනවනම් ඒකෙ cmos clear වෙනව විදුලිය විසන්ධි කරපු සැණින් . බැටරිය මාරු කලත් විසදුමක් නැ. බලාපොරොත්තු උනා වගේම ඊළග පාර start කරනකොට cmos මැකිල ගිහිල්ල අල ගෝනියක් පාත්උනා. ඒ වැ‍ඩේ අතෑරල දැම්ම.

මේ post එක ලියන වෙලාවෙත් මම හදපු NAS එක configure කර කර ඉන්නෙ. ඒක එතරම් ලේසි වැඩක් නෙවේ. කලින් කලාට දැන් මට ආයෙ මතක නැ. ඒක නිසා NAS එක configure කරන හැටි ඊළග පෝස්ට් එකක video සමගම දෙන්නම්

මේකට මම පාවිච්චි කරේ මෙන්න මේව. මේ සේරම අළුත් ඒව නෙවේ( :D ඒ කිවුවෙ ඔක්කොම used කෑලි )

  • 1.8GHz  Intel Pentium 4 Processor    -   රුපියල් 950/-  (ගන්න හිටියෙ Celeron එකක්. ඒත් තිබ්බ හදිස්සියට මේකක් ගත්ත)
  • Cooling Fan එකක්   - රුපියල් 550/-
  • BioStar P4TSP-D2 Motherboard එක   -  රුපියල් 2650/-  (SATA)
  • 256MB  DDR1 RAM     -  රුපියල් 350/-
  • Power Supply Unit එකක් (250W) - රුපියල් 550 /-
  • දැනට සවි කරල තියෙන්නෙ 160GB(IDE) සහ 40GB(IDE) hard disk දෙකක්. ටික දවසක් මෙහෙම දුවල දැනට storage වලට පාවිච්චි කරන 250GB(SATA) hard disk එකත් මේකට සවිකරනවා.
  • Casing එක නම් මං ගාව තිබුණ Pentium III Dell එකක්
Monitor, Keyboard, Graphics Card අවශ්‍යයි මූලික සැකසීම් ටික කරන්න. ඊට පසුව ඒව සියල්ලම ගලවල දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකට තියෙන්නෙ power cable එකයි network cable එකයි . වෙන cable මුකුත් නැ. keyboard නෑ mouse නෑ monitor නෑ

මෙන්න මෙහෙමයි පටන් ගත්තෙ



රතුපාට motherboard එක තමයි දැන් දාන්න යන්නෙ. ඔය තියෙන PIII Casing එකයි පාචිච්චි කරන්නෙ.  මම මුලින්ම හිටියෙ ඔය තියෙන PIII එකම NAS එක විදියට හදන්න. වාසනාවකට මගෙ අතින් ඒකෙ power supply එක හානි උනා. පස්සෙ බලනකොට board එකත් සුන්. ඊට පස්සෙ තමයි Pentium වලට යන්න හිතුනෙ
මේ තියෙන්නෙ ඒ අවස්ථාව




motherboard එක ගලවල PIII කේසින් එක clear කර ගත්ත


motherboards දෙකම ප්‍රමාණයෙන් සමාන වගේ පෙනුනට පොඩි වෙනස් කම් ටිකක් තිබුබ. කොහොමත් back panel එක එහෙම්පිටින්ම වෙනස්. back panel එක ගලවගන්න සැහෙන මහන්සි වෙන්න උනා.කොහොමත් මෙව්ව ඉතින් ඇගේ පතේ හයියෙන් කරන්න පුළුවන් දේවල් නෙවේනෙ


PIII motherboard එක casing එකට සවි කරන්න අමුතු ජිල්මාට් එකක් දාල තිබුන


motherboard එක ලැස්තියි

Mounting Holes වලට සෙට් උනත් back panel එකේ කොටසක් ඇතුලෙන් වදින්න ගත්ත. ඒක නිසා වැඩි කෑල්ලක් කපල දාන්න උනා back panel එකෙන්

මෙන්න මෙහෙම board එක සවිකරා


Power Supply Unit එක සවිකලා ඒක නම් ගානට ඇතිඋනා




OS එක දාන්න CD ROM ධාවකයක් තිබ්බම ඇති. install කලාට පස්සෙ මේක ඕනත් නැ
 Hard Disk දෙක උඩින් mount කලා. ඒ හරියෙන් HDD සවි කරන්න වි‍ශේෂ කෑල්ලකුත් Dell ලා දීල තිබුණ :D
හදාගත්ත NAS එකට FreeNas operating system එක දාල ඒක වැඩකරන තත්වෙට පත්කරගන්න හැටි සවිස්තරාත්මකව ඊළග පෝස්ට් එකක දාන්නම් . අදට ඇති :D

Wednesday, August 24, 2011

A/L ඉවරයි. ඔන්න මම ආයෙත් ආව

19 වෙනිදා තමයි රසායන විද්‍යාව ඉවර වුනේ. :) හම්මෝ ටොන් ගණනක් ඔලුව උඩ තියාගෙන ඉදල බිමට දැම්ම වගේ දැනුනේ. :D විභගේ පටන් ගත‍්තේ අගෝස්තු 8 සදුදා.මුලින්ම ශුද්ධ ගණිතය(pure maths).10 වෙනිදා ව්‍යවහාරික ගණිතය(applied maths). maths නම් සමස්ථයක් ලෙස එච්චර අල වුනේ නෑ(අනේ B එකක් වත් දෙන්න දෙයියනේ) :P , ඊළගට භෙෘතික විද්‍යාව(physics). ඒක නම් ගොඩම තමයි.රචනා paper එකේ ගණන් 6 න් 4ක් කරන්න ඕනෙ.මට හරියටම කරන්න පුළුවන් ගණන් 5යි.මොකද electronics නම් යන්තම් ගැටගහගන්න පුළුවන් ඒත් රචනා ගාණක් හදන්න තරම් ලොකු වැඩක් කොරන්න බෑ. :( ඉතින් හදන්න පුළුවන් ගණන් 5 නුත් එකක් නිකම් ලෙඩක් වගේ පෙනුනා. ඉතින් ඉතිරි 4ම මම අනිවාර්යෙන්ම හදන්නම එපැයි මේ මොකද උනේ කියල දස අතේ කල්පනා කරල එක ගානකින් පටන් ගත්තා වෙන දෙයක් වෙද්දෙන් කියලා.මට හරි සතුටුයි කියන්න ගණන් 4න් 3.75 ක්ම විනාශ කලා.අර මුලින්ම පටන් ගත්ත ගානේ අන්තිම හරිය සෙට් උන් නෑ.(අනේ මේකටනම් A එකක් දෙන්න දෙයියනේ) :)
අන්තිමට ඉතින් chemistry, බහුවරණ paper එක නම් shape, රචනා paper එක..අනේ මන්දා මම ලිව්වා ලිව්වා ලිව්වා

--
මම හිතුවෙ මේ වෙනකොට මගේ blog එක සින්ඩියෙන් අයින් වෙලා ඇති කියලා.හොද වෙලාවට තාම නෑ

Sunday, April 3, 2011

ක්‍රිකට් වසන්තය එසේ නිමා විය ...!

මුලින්ම අපේ ක්‍රිකට් විරුවන්ට මගේ සුභපැතුම්. අනුශුරතාවය හරි ලබාගන්න ඔවුන් සිදුකළ මෙහෙයුම අපි අගය කරන්න ඕනෙ.

කෝටි 100 ක් විතර ජනගහනය ඉන්න ඉන්දියාවෙන් හොදටම බෝලවලට ගහන්න පුළුවන් දහ පහලොස් දෙනෙක් හොයා ගන්න එක එච්චර අමාරු නෑ

අපේ රටේ ඉන්නෙ කෝටි 2ක් වගේ ජනගහනයක්. ඉතින් එච්චර වෙනස් කමක් තියාගෙන ලෝක ක්‍රිකට් අනුශූරයන් වෙන්න ලැබුන එක ධෛර්යයේ හා වාසනාවේ එකතුවක්

මටත් හෙන දුකයි. මම එච්චර ක්‍රිකට් මැච් බලන්න ආස නැ. කලින් අවුරුදු වල ක්‍රිකට් මැච් බැලුවෙම නෑ.ඒත් මේපාර මම මැච් ඔක්කොම බැලුව.මටත් මාර කික් එකක් තිබුනෙ මම හිතුව අපේ සෙට් එක මේ පාර කප් එක උස්සයි කියලා. දැන් ඉතින් තියෙන්නෙ ෆයිනල් ගහන්න කලින් වගේම තිබ්බ කික් එක අපේ ටීම් එකට ආයිත් දෙන එක .මොකෝ 2015 දි අපි ගිහින් ගහන්නද.



නමුත් එක දෙයක් ගැන පැහැදිලිවම කියන්න පුළුවන්. ඒක තමයි . කලබලයක් නැතුව සෙල්ලම කරන එක ඉන්දියාව හරියටම කලා සහ මැච් එක රදා පවතින්නෙ පිතිකරුවා පහර දෙන ස්වභාවය අනූව කියන එක. කොච්චර අමාරු බෝල දැම්මත් ඒවට මහේන්ද්‍රසිං දෝනි හා ගවුතම් ගම්භීර් පිළීතුරු දීපු විදියෙන් අපිත් පාඩමක් ඉගෙන ගත යුතුය

----------------------------
ඕකේ එහෙනන් ෆෑන් ටෝක්ස් ඉවරයි  :D

Tuesday, February 8, 2011

දිගු කලකට පසු නැවතත් කරළියට


නොහිතපු විදියට මේ සැරේ උසස් පෙළ පුතිඵල අඩුවුනා. භෙෘතික විද්‍යාව C, රසායන විද්‍යාව C, ගණිතය S ,අපරාදෙ කියන්න බෑ සුද්දගෙ බාසාවට A එකක් තියෙනවා. මොනව කරන්නද. ආණ්ඩුවෙන් තව එක වතාවක් කරන්න දෙන නිසා බැහැලම කරනවා. ‍අපිත් එක්ක හිටපු කීප දෙනෙක් ජැන්ඩියට "අපි ගොඩ" කියාගෙන ඉන්නකොට ඉතින් මොනව උනත් හිතට දුකයි. වැරැද්ද තියෙන්නෙ මගේ අතේ මිසක් උන් ළග නෙවේනෙ. මම හිතුවෙ මේ වෙනකොටත් මගේ බ්ලොග් එක සින්ඩියෙන් අයින් වෙලා ඇති කියලා. හොදවෙලාවට තාම නෑ. එන්නමයි කියලා හිතන් හිටියට බ්ලොග්කරුවන්ගේ සුහද හමුවටත් එන්න බැරිවුනේ ඒ දවස්වලනෙ A/L results ආවෙ. තෝන්තු වෙලා හිටියෙ ඒ දවස්වල. මොනව කරන්නද කියලා හිතාගන්න බැරිව හිටියෙ..ඔක්කෝම දමල ගහල ආයිත් විභාගෙ කරන්න කියලා සූදානම් උන නිසා තමයි එන්න බැරිඋනේ. මේ ආවෙත් ගොඩක් දවසකින්

Thursday, December 2, 2010

Photoshop තියෙද්දි studio වල රස්තියාදු වෙන්නෙ මොකටද

අපේ ඉංගිරිසි කතාකරවන පන්තියෙ භාෂෘ පුහුණු මධ්‍යස්ථානයට ඇතුළත් වෙන්න අපිට identity card photo size පොටෝ 2ක් ගේන්න කිව්වා අපේ සර්.තියෙන වැඩ රාජකාරි අස්සෙ තව එකක්. වෙලාවකුත් නෑ ස්ටූඩියෝ ගානෙ රස්තියාදු වෙන්න. ඔලුවට ආව මරු අයිඩියා එකක්. Photoshop දෙයියා ඉන්නවනෙ. ගත්තා 6" x 4"  කැන්වස් එකක්. මගේ ID කාඩ් එකේ සයිස් එක අඩිරූලෙන් මැන්නා. ඒක අගල් වලින් මැන්නොත් අල වෙන නිසා සෙන්ටිමීටර වලින් ගත්තෙ. ඒක දිග 2.2 cm හා පළළ 3cm. ඒ සයිස් එකටත් කැන්වස් එකක් ගත්තා. මගේ phone එකේ තියෙන camera එක තමයි පාවිච්චි කළේ. ඒක auto-focus සහිත 2MP කාචයක්.සාමාන්‍යයෙන් ගන්න පින්තූර වල කිසි වරදක් නෑ. මගේ පොටෝ එක මමම phone එකෙන් ගත්තා.අර කලින් කියපු size එකට එක පොටෝ එකක් හැදුවා. 4R size එකට පිරෙන්නම පොටෝ 10ක් විතර
සෙට් කලා.මෙතනදි ඉතින් resolution ගැන බලනවනම් හොදයි.

කොහොමහරි අද හවස ස්ටූඩියෝ එකට ගියා psd file එකත් අරන්, විනාඩි 10 යි ගියේ , ගාන රු 20.00
මෙන්න අවසන් ප්‍රතිඵලය



Wednesday, December 1, 2010

අප ඔබට සදා ණයගැතියි

" Another Age Must Be the Judge "
Charles Babbage - 1837


‍පසුගිය දින කීපයම ගෙවුනේ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ අපට පැවරුණු ව්‍යාපෘතිය සමගයි.මූලික වශයෙන්ම එය ඉලක්ක කොට තිබුණේ පරිගණකයේ ඉතිහාසයයි.සාම්ප්‍රදායික උසස් පෙළ ව්‍යාපෘතිය හා මෙය අතර වැඩි වෙනසක් නොතිබුණත් උසස් පෙළ නිසා ඒ අවුරුදු කිහිපය තුළ මම පරිගණක සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්වූ නිසාත් ඒ මගහැරුණු දේවල් ද ඉගෙන ගනිමින් යම් වෙනස් ආකාරයකට මගේ ව්‍යාපෘතිය පිළියෙළ කරන්නට මම වෙහෙසුනෙමි.

විකිපීඩියා හා ගූග්ල් දෙයියන්ට පිං සිද්ධ වන්නට මට ව්‍යාපෘතිය සදහා කරුණු ඕනෑවටත් වඩා ලැබුණි. පරිගණක ලොවේ ඉතිහාසය නම් පුදුමය දනවන මාතෘකාවකි. අතේ ඇගිලි වලින් ගණනය කර ආරම්භ කළ දෙය අද වන විට ඉතාමත් සුපිරි යන්ත්‍රයක් බවට පත්ව තිබේ. ඇබකසය , පැස්කලීනය , Charles Xavier ගේ Arithmometer යන්ත්‍රය , Joseph Jacquard ගේ පන්ච් කාඩ් තාක්ෂණය මවිතය දනවන සුළුය. මෙවැනි අදහස් පහළ වීම සැබැවින්ම විශ්මය දනවයි.  Charles Babbage නම් වූ ඒ විශිෂ්ඨ මිනිසාගේ difference engine පිළිඹද වූ අදහස මේ වංශ කතාව වෙනස්ම මගකට හැරවීය. 20 සියවස තුළ Friden නම් ආයතන නිපදවූ ගණක යන්ත්‍ර, Curta යන්ත්‍රය , තවත් උදාහරණ වේ.දෙවන ලෝක යුධ සමයේදී විද්‍යූත් සංඛ්‍යාංක පරිගණක නිපදවීම ඇරඹුනි.ඇලන් ටියුරින් ගේ සම්මතයන් පරිගණකය මෙවැනි යන්ත්‍රයක් විය යුතු යැයි හැගවීය.

සමස්ත පරිගණක ලොවම වෙනස් කළ යන්ත්‍රය වූයේ අමෙරිකාව නිපදවූ ENIAC යන්ත්‍රයයි.ටොන් 30ක් පමණ බරැති එය පෙනිසිල්වේනියානු සරසවියේ සහය ලබා ගනිමින් වර්ධනය විය. Vaccum Tubes යොදා ගෙන සැදුණු පළමු පරමපරාවේ පරිගණකත්, ට්‍රාන්සිස්ටර් යෙදූ දෙවන පරම්පරාවේ පරිගණකත්, Jack Kilby සහ Robert Noyce විසින් නිපදවනු ලැබූ සංගෘහිත පරිපථ පරිගණක තාක්ෂණය නව මගකට යොමු කළේය.

ඉතින් වර්තමානයේ අප ඉතා පහසුවෙන් පරිගණක යන්ත්‍ර වලින් අපගේ වැඩ සිදු කළත් , පරිගණකය නිර්මාණය කිරීමට අතීතයේ සිටි ඒ ශේෂ්ඨ මිනිසුන් කළ පෙරළිය කිසි සේත්ම අමතක කළ නොහැක. එබැවින් අප ඔබට සදා ණය ගැතියි

Tuesday, November 30, 2010

Bluetooth හරහා පරිගණකයට ප්‍රවිශ්ඨ වීම

Mobile Phone එකක් කියන්නෙ වර්තමාන ලෝකයේ නැතුවම බැරි දෙයක්. යන යන තැන අත ළග දැන් කොයි කා ගාවත් ජංගම දුරකථනයක් බොහෝවිට තියෙනවා. ඒ අතරින් Bluetooth තියෙන mobile phone එකක් හොයාගන්න එකත් අමාරු වැඩක් නෙමේ. Bluetooth සහිත ජංගම දුරකථනයක් සතු ඕනම කෙනෙක්ට ඊළගට අවශ්‍ය වෙන දෙය තමයි දුරකථනයෙන් ලබාගන්නා පින්තූර,සිංදු හා තවත් දත්තයන් තමන්ගේ පරිගණකයට දා ගැනීම.මේකට ඉතින් එක්කෝ data cable / card reader පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් Bluetooth Dongle එකක සහය ලබා ගන්න පුළුවන් .මම මෙතන කියන්න යන්නෙ Bluetooth dongle එක මගින් කරගන්න පුළුවන් ටිකක් වෙනස් කාර්යයක් ගැන. මේක මම ළගදි හිතට ආපු අදහසක් මත කරපු වැඩක්. කොහොමහරි කියන්න සතුටුයි වැඩේ නම් සාර්ථකයි. අපි සාමාන්‍යයෙන් කරන්නෙ පරිගණකයට dongle එක BlueSoleil ( බොහෝවිට ) , නැත්තම් අදාළ මෘදුකාංගයක් මගින් සම්බන්ධ කරලා , පරිගණකය මගින් phone එකට access වෙන එකනෙ. මම මෙතන කරේ ඒකෙ අනිත් පැත්ත. ඒ කියන්නෙ phone එක හරහා පරිගණකයට access වීම.

මේ සදහා මම යොදා ගත්තේ මගේ bluetooth dongle එක.මේක පිටකොටුවෙන් ගත්ත එකක් .නම billionton. සහ මගේ ජංගම දුරකථනය Sony Ericsson W810i සහ LiteFTP. මට screenshots නම් දාන්න විදියක් නෑ.මොකද මා ගාව එක phone එකයි තියෙන්නෙ. BlueSoleil එකෙන් කරන්න තියෙන්නෙ security key එක එහෙම කලින් දීලා ලෑස්ති කරන එක විතරයි.  එහි service properties වල LAN Access හදල, Personal Area Networking හදලා, File Transfer හි share කළ යුතු folder එක ලබාදීම පමණයි. LiteFTP එකෙන් search කලාම computer එක පෙන්වනවා.security keys දීල තියෙන නිසා ප්‍රශ්නයක් නැතිව පරිගණකයට access වීමට ඉඩ ලැබෙනවා.අඩුපාඩුවකට තියෙන්නෙ මේකෙන් My computer එක share කරන්න බැරිවීමයි.එක drive එකක් පමණයි share කරන්න පුළුවන්..   

කවුරුහරි මීට වඩා ලේසි ක්‍රමයක් දන්නවනම් කරුණාකරල මටත් කියන්න :)

Thursday, October 7, 2010

කැස්පර්ස්කිද ? නොඩ් ද ?


මගේ පරිගණකයේ දැන් ගොඩක් කල් ඉදන් ලොකු පශ්නයක් තියෙනවා.CMOS settings ක්ලියර් වෙනවා මැෂින් එක බූට් වෙන බොහෝ අවස්ථාවල.නමුත් හැමවෙලේම නෙවේ.බැටරිය මාරැ කලත් ගැටළුව එසේමයි.ගැටළුව මතුවෙන අවස්ථාවලදී හැමවෙලේම සීමෝස් සෙටින්ස් නැවත සකසනවා.මම ගෙදර නැති වෙලාවට තාත්තා පරිගණකය පාවිච්චි කරන නිසා සීමොස් සෙටින්ස් හදන හැටි තාත්තටත් කිවුවා.කොහොම හරි දවසක් date එක එක්කො හරියට සෙට්වෙලා නෑ හෝ මොකක් හරි හේතුවක් නිස‍ා 2003/1/1 දිනයට දිනය සකස්වෙලා වින්ඩෝස් වලට ඇවිත් අන්තර්ජාලයට සම්බන්ධ කලාට පස්සෙ නොඩ් එක අප්ඩේට් ‍වෙලා.පස්සෙ මම ගෙදර ආවට පස්සෙ මටත් සීමොස් හදන්න වුනා.වින්ඩෝස් වලට ඇවිත් අන්තර්ජාලයට සම්බන්ධ කලාට පස්සෙ නොඩ් එක කියපි  මේක අන්තිම පාරට අප්ඩේට් කරලා තියෙන්නෙ 2003දී වෛරස් databases කල් පැනලා.මේක ඇක්ටිවේට් කරන්න කියලා.ගිනි නරියා ද‍ාගෙන ජීමේල් යනකෙ‍ාට ඒක කියනවා මේ වෙබ් අඩවි‍ය සැක සහිතයි යන්න එපා කියලා.ඒක පැත්තකින් තියලා ක්රෝම් එකෙන් උත්සහ කලා.ඒ වගේම පණිවිඩයක් දුන්නා.මම හිතන්නෙ security certificates  කල් ඉකුත් වෙන්න ඇති දින මාරැවෙන් සිදුචේච වින්නැහියට.වෛරස් ගැන බයකුත් ආව.මැෂින් එකත් නිකන් slow වෙනව වගේ දැනුනා.ගොඩක් කාලෙකින් වින්‍ෙඩාස් දැම්මෙත් නෑනෙ.දැම්මා ආයිත් ජනේල xp.
     ඒ අතරෙ BMICH  එකේ පොත් පදර්ශ‍නෙත් ආව.යාලුවො දෙන්නෙකුත් එක්ක ගියා ආරම්භක දෙවන දවසෙ. Dummies පොත් සිංහලට හරවන කෙනාගෙ පොත් ටිකක් ගත්තා .වට්ටම නිසා වැඩිය වියදම් වුනෙත් නෑ. කැරකි කැරකි ඉන්නකොට සීඩී මැගසින් stall  එකක් ළගින් ගියා.දැම්මා ඔලුව.ආව අයිය කෙනෙක්.මල්ලි අපි මෙතන විකුණනවා මේ මැගසින් එක කියලා සීඩී එකක් දුන්න.ඕක අද ඔයා ගන්නවනම් ඔයාට කැස්පර්ස්කි ඉන්ටර්නෙට් සිකියුරිටි 2010 මාස 3ක trial ලයිසන් එකක් දෙනව කියලා. මැගසින් එක රැ80.මැගසින් එකට හෙණ ගැහුවත් මොකද කැස්පර්ස්කි මාස 3ක් නීත්‍යානුකූලව පාවිච්චි කරන්න ලැබෙනවනේ කියලා මට හිතුනා.කලින් කැස්පර්ස්කි 2009 පාවිච්චි කරල ඒක මැෂින් එක ගොඩක් slow කරපු නිසා කැස්පර්ස්කි ගැන වැඩි විශ්වාසයක් තිබුනෙත් නැ. රැ80 නෙ.කමක් නෑ කියල ගත්තා. කොහොමහරි ගෙදර ඇවිත් install කරන කොට ඒක ඇතුලෙ තිබුණ මාස 3ක ලයිසන් එකක් නම් නෑ.සාමාන්‍යයෙන් ලැබෙන දවස් 30 පරීක්ෂා කිරීමේ කාලසීමාවට දැන් කැස්පර්ස්කි පාවිච්චි කරනවා.තව දවස් 17 ක් විතර තියෙනවා.හැබැයි කැස්පර්ස්කි මම හිතුවට වැඩිය ගො‍ඩක් හොදයි.අාරක්ෂ‍ාව අතින් නම් කියන්න වචන නෑ.අලයකට තියෙන්නෙ සුලු slow එකක් එනවා setup එකක් ද‍ානකොට.මම හිතන්නෙ ඒ අදාල සෙටප් ෆයිල් එක කැස්පර්ස්කි තුලින් ස්කෑන් වෙලා එනකොට ටිකක් වෙලා යන‍වා.‍ආරක්ෂාව වැදගත් නිස‍ා මම ඒ ගැන වැඩිය හිතන්‍ෙන නෑ

ස්තූතිය !!


කොහෙ‍ාමෙන් කොහොම හරි මමත් දැන් සිංහල බ්ලොග් ලියන්නෙක්.සිංහල බ්ලොග් සින්ඩ්කේටරියෙ මගෙ පළමු පෝස්ට් එක මේක .
මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි.ඇත්තටම කියනවනම් නිදාගන්නවත් වෙලාවක් නැති තරම්.
මේ දවස් වල මම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ පරිගණක යෙදුම් සහායක ප‍ාඨමාලාව හදාරනව‍ා.කරදරයකට තියෙන්නෙ දුර වැඩි කම තමයි.ඔන්න ඔහේ යනවා කියල යනවා කොහොමත් උසස් පෙළ පතිඵල එනකම් හරියටම කරන්න කියලා දේකුත් නැහැ.මේ පාර නම් කොහේ හරි යා ගන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙනවා.(කලින් පාර ඇනගත්තනෙ)
වෘත්තීය පුහුණු ආයතනයේ පාඨමාලාව ගැන නම් මම ගොඩක් කලකිරිල ඉන්නෙ.කාලය නිරපරාදෙ නාස්ති වෙනවා.සාමාන්‍ය MS Office පැකේජය හා පරිගණක ගැන දේවල් ටිකක් පමණයි තියෙන්නෙ.මේ සදහා මාස 6ක් ගතවෙනවා.සතියෙ දින 5ම.උදේ 8.30 සිට 4.30 දක්වා. මේ බ්ලොග් පෝස්ට් එක ලියන්නෙත් අද එහෙ ඉදන්.අද ‍‍අපේ ගුරැවරයා නෑ.ඊයෙත් නෑ.නාම ලේඛනය ලකුණු කිරීමට පමණක් උදේ ගුරැවරයෙක් ආව.එතනින් පස්සෙ 4.30 වන තුරැම අධීක්ෂණයක් නෑ.අපිට ඔහේ ඉන්න තමා තියෙන්නෙ.ඔන්න වෘත්තීය පුහුණු ආයතනයේ තත්ත්වය.NVQ ලෙවල් තුලින් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨම‍ාලාවලට ඇතුලත්වීමට සුදුසුකම් ලැබෙන නිසා කරගෙන යනවා.mobile phone එකට ටෙක්කත‍ා episodes ටිකක් ද‍ාගෙන ඇවිත් අහමින් ඉන්නෙ.